Wednesday, May 1, 2013

ලෝකෙ ආදරේ කියල දෙයක් තියෙනවලු ..
ඒත් ඒක හැමෝටම ලැබෙන්නෙ නෑලු ...
අපිට ආදරේ කරන්න පුලුවන්ද කියලවත් බලන්න ...
ආදරයක් ලැබෙනවානම් ..!!! එක්කො ඕනෙ නෑ ...
මෙහෙමම හොඳා .... හි හි ...

Thursday, March 21, 2013

                 24 වෙනි උපන් දිනය දා
 
කාට වැදගත් වෙන්නද...
අම්මාට, තාත්තාට හැරෙන්නට.
ත්තෙමි හිතට...
කරන්නට යමක් අවැසි හැමටම.
සැමරිය හැකිවේවි එවිට ...
මීලඟ වැන්න මවිසින්ම...
අහිංසක සතුටකින් හුදකලාවම.

Friday, March 15, 2013



වෙනද හැම තිස්සෙම vibrate උන...
මගේ ෆෝන් එක ,
පැත්තකට වෙලා...
මන් දිහා බලන් ඉන්නෙ පාළුයි කියන්න වගේ .
මම හිතින් කියනවා ,
උබට ඔහොමනම්..
මට කොහොම ඒ පාළුව
දැනෙනවද බං කියල ...

Friday, March 8, 2013



UCSC අලුත් Batch එක වෙතට ........

නංගි මල්ලි ...
අලුත් ජීවිතයක් , ලෝකයක් , උඹල අදින් පටන් ගන්නවා ...
ආසයි  බන් අපිත් ලෝකෙ කොටස්කාරයො වෙන්න .
වැරදියට හිතන්නෙපා ...
උඹලට පාර පෙන්නන්න අපිටත් වගකීමක් තියෙනවනෙ ඒකයි.

උඹලටත් හීන ඇති ...
අද ඉඳන් ඒවට යන්න ගැම්මක් ගනින් .
සතුටු වෙයි උඹලගේ අම්මල තාත්තලත් එතකොට .
ඒවගේම අපිත් සතුටු වෙනවා බං
මොකද , උඹල අපේ පොඩි උන්නෙ ...

නංගි මල්ලි ...
අපි වගේම උබලත් ආවා .
හැගීමක් ගනින් ... දුවපන් ඉස්සරහටම හැමෝම එක්ක ...
දෙන්නෙපා වැටෙන්න එකෙක්ටවත් .
වැඩක් කරන්න පුලුවන්වෙයි උඹලටත් එතකොට .
අවංක සතුටක් ඇතිවේවි අපිටත් උඹල ගැන ...
සිතක සිතුවිලි තෙළි තුඩට

හිත කළුගලක් වගේ පේනව ඇති ...
එත් එයා දන්නවනම් කියන්න බැරි තරම්ම ...
මේ හිත ආදරෙන් පිරිලා කියල .
යාළුකමට එහා ගිය බැඳීමක් හිතේ තෙරපෙනවා කියල .

ඒත් මක්කරන්නද ...?
එයාගෙ ලෝකෙ ඉඩක් නැති හැඩයි මට .

එත් එයා ජීවිතේ විඳිනවා දක්කින්න ආසයි ...
ඇයි දන්නවද ?

හීනෙන් හරි පෙනෙයි ඒ මන් එක්ක කියල ..

Friday, March 1, 2013

LIFE
She told me ,
      Life like a song.
      Goes on a rhythm..
      Someone puts words...
      They can be your parents....
      Someone gives music.
      Who you love very much..
      And ...
      You must sing it....

But sorry to say till the movement I sing.. 
I am singing ... no one there to give music..
I am not tired . Because even without music words in my song are very beautiful.